ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි – ප්‍රථිපල අද

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි – ප්‍රථිපල අද

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ආරම්භ කර තිබේ.

දින 44 ක් පුරාවට අදියර 7 ක් යටතේ පැවැත්වුණු ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම අද(04) සිදුකිරීමට නියමිතව තිබෙනවා.

සමීක්ෂණ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.

ඡන්ද ප්‍රකාශ කිරීම සිදුවූයේ ඉලෙක්ට්‍රොනික යන්ත්‍ර ආධාරයෙනි. මේ නිසා ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම කඩිනමින් සිදුවන බව වාර්තා වේ.

අද (4) උදෑසන 8 ට තැපැල් ඡන්ද ගණන් කෙරුණු අතර අනෙක් ඡන්ද ගණන් කිරීම 8.30 ට ආරම්භ විය.

මේ වනවිට මැතිවරණ ප්‍රතිඵල ඉතා වේගයෙන් නිකුත් වෙමින් පවති.

උදෑසන 8.45 වනවිට අග්‍රාමාත්‍ය මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය, ලොක් සභාවේ ආසන 543 න්, ආසන 184 ක් දිනා සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

‘ඉන්දියා’ නමැති ඉන්දීය විපක්ෂ සන්ධානය දිනා සිටියේ ආසන 127 ක් හා බහුතරය සඳහා ආසන 272 ක් අවශ්‍ය වේ.

මෙවර මැතිවරණයේ දී අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ ඉලක්කය ආසන 400 ක් දිනා ගැනීමයි.

Share This