ජනපති ඉන්දීය ආරක්ෂක උපදේශක හමුවෙයි

ජනපති ඉන්දීය ආරක්ෂක උපදේශක හමුවෙයි

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් මහතා අද (21) පෙරවරුවේ දිල්ලි නුවරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව දෙදින සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා විසින් පිළිගනු ලැබූ අතර සුවිශේෂී සාකච්ඡාවකද නිරත විය.

ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය සමඟද සාකච්ඡා කිරීමට නියමිතය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරය අතරතුර ඉන්දියානු ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි මහතා ද හමුවී තිබේ.

Share This