ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දීය හමුදා සාමාජිකයින් 5 ක් මරුට

ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දීය හමුදා සාමාජිකයින් 5 ක් මරුට

කාශ්මීරයේ හිමාල කඳුකර ප්‍රදේශයේදී සිදුකළ ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දීය හමුදා සාමාජිකයින් 5 දෙනෙකු මියගොස් තවත් සෙබළුන් කිහිපදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අධික වර්ෂාව සහ මීදුම් සහිත කාලගුණ තත්වයක් පවතින අවස්ථාවකදී හමුදා සාමාජිකයින් රැගත් රථයක් ඉලක්ක කර ගනිමින් අදාළ ප්‍රහාරය එල්ල කර තිබේ.

හඳුනා නොගත් ත්‍රස්ත කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා සදහන් කළේය.

 

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )