IMF නියෝජිත කණ්ඩායමක් අද ජනපති හමුවෙයි.

IMF නියෝජිත කණ්ඩායමක් අද ජනපති හමුවෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් අද (11) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

මේ වසර අවසානයේ සිදුකිරීමට නියමිත මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයට සමගාමීව මෙම සංචාරය සිදුවන බව සඳහන්ය.

මෙම නියෝජිත පිරිස ලබන 23 වන දින දක්වා කාලය තුළ දිවයිනේ රැඳී සිටීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රී නිවාසන් ඇතුළු නියෝජිත පිරිසක් මෙම සංචාරය සඳහා සහභාගී වීමට නියමිතය.

අදාළ නියෝජිත පිරිස අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට ද නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේය.

මේ අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී බැංකු පද්ධතියේ මෙන්ම මහජන තැන්පතුවල සුරක්ෂිතතාව තහවුරු කළ හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මහ බැංකුවේ ප්‍රධාන අරමුණ වන්නේ මූල්‍ය අංශයේ ස්ථායීතාව පවත්වා ගැනීම බවය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්ෂික මූල්‍යකරණ සීමා සපුරාලීම සඳහා ශ්‍රී ලංකාව අවම වශයෙන් දේශීය ණයවල කල්පිරීම දීර්ඝ කළ යුතු අතර එය දැනට පවතින සියයට 30 සිට සියයට 13 දක්වා පහත දැමිය යුතු බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පෙන්වාදෙයි.