කැස්බෑ මළ සිරුරු 06ක් වඩමාරච්චි වෙරළට

කැස්බෑ මළ සිරුරු 06ක් වඩමාරච්චි වෙරළට

යාපනයේ වඩමාරච්චි නැගෙනහිර කට්ටෙයිකාඩු මුහුදු වෙරළට මියගිය කැස්බෑවන්ගේ මළ සිරුරු 06 ක් ඊයේ (28) ගොඩ ගසා තිබේ.

මෙම කැස්බෑවන් මියගොස් දින කීපයක් ගත වී ඇති නිසා එම කැස්බෑ සිරුරු වලින් දැඩි දුර්ගන්ධයක් හමන බව වඩමාරච්චි ධීවරයෝ පවසති.

මෙම කැස්බෑ සිරුරු ගොඩ ගැසීම සම්බන්ධයෙන් පළාතේ ධීවරයින් යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලයට දැණුම් දී ඇති අතර එම කාර්යාලයේ නිලධාරීන් හා වන ජීවී නිලධාරීන් පිරිසක් අදාල ප්‍රදේශයට ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මේ දිනවල උතුරු මුහුදේ පවතින දැඩි රළු ස්වභාවය නිසා මෙම කැස්බෑ සිරුරු ගොඩ ගසන්නට ඇති බව ප්‍රකාශ කරන වන ජීවී නිලධාරීන් එම සිරුරු වඩමරච්චි මුහුදු වෙරළේ වළ දැමීමට තීරණය කර තිබේ.