නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතට දත්ත ලබා ගැනීම ගැන දැනුම් දීමක්

නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතට දත්ත ලබා ගැනීම ගැන දැනුම් දීමක්

නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතට අදාළව පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත ලබාගැනීම එළඹෙන ජුනි මාසය තුළ සිදුකිරීමට නියමිත බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

ජුනි මාසයේදී පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත, ඇඟිලි සළකුණු සහ Facial Recognition වලට අදාළ දත්ත සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලබා ගැනීමට නියමිත බවයි, එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා කියා සිටියේ.

නව විද්‍යුත් හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීමට අදාළව මූලික කටයුතු සම්පූර්ණයෙන්ම මේ වන විට අවසන් කර තිබෙන බවත් එයට අදාළ යටිතල පහසුකම් සකස් කරමින් යන බව ද හෙතෙම කියා සිටියේය.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පළාත් කාර්යාල දෙකක් පෙබරවාරි මස කුරුණෑගල සහ නුවරඑළියේ ස්ථාපිත කරන බවත් ඒ තුළින් එක්දින සේවා ලබා දීම සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.