උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

උතුර, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, මොණරාගල දිස්ත්‍රික්කයේත් මිනිස් සිරුරට දැනෙන උණුසුම, අද (05) දැඩි අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ද ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරනවා.

මේ අතර අද (05) දිනයේ දී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

Share This