රෝහල් සේවයට ත්‍රිවිධ හමුදාව

රෝහල් සේවයට ත්‍රිවිධ හමුදාව

රෝහල් වල වැඩකටයුතු සිදුකිරීම සඳහා අවශ්‍යතාවන් අනුව සහාය වීමට ත්‍රිවිධ හමුදාව යොදවන බව ආරක්ෂක අමාත්‍යංශය සදහන් කරයි.

දිවයින පුරා රජයේ රෝහල් වල සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන වැඩ වර්ජනය හේතුවෙන් අඩාල වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව සමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් සිදුකල ඉල්ලීමට අනුව අවශ්‍යතාවය පරිදි යුද්ධ හමුදා භටපිරිස් යොදවන ලෙස යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා උපදෙස් ලබාදි ඇත.

ඒ අනුව දැනට බටහිර, නැගෙනහිර, මධ්‍යම සහ වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්ගේ අධීක්‍ෂණය යටතේ කොළඹ සහ මහනුවර ජාතික රෝහල් කලුබෝවිල, කරාපිටිය, මහමෝදර, පේරාදෙණිය, අනුරාධපුර සහ කුරුණෑගල ශික්ෂණ රෝහල් ද මාතර, බලංගොඩ, ඇහැළියගොඩ, නාවලපිටිය, බදුල්ල, ගම්පොල, මීරිගම, හෝමාගම සහ කෑගල්ල ඇතුළුව රෝහල් 26 ක දෛනික කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා යුද්ධ හමුදා භට පිරිස් යොදවා තිබේ.

මේවන විට එම රෝහල් වල අවශ්‍යතාවයන් අනුව යුද්ධ හමුදාවේ 700 කට ආසන්න භටපිරිස් ප්‍රමාණයක් යොදවා ඇත.

හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඒ සඳහා යෙදවීමට අමතර භටපිරිස් සූදානම් කරන ලෙසත් වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මහජනතාවට සිය දෛනික කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලුම පියවර ගන්නා ලෙසත් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබේ.

WhatsApp Image 2024 02 01 at 10.55.16 AM 1

WhatsApp Image 2024 02 01 at 10.55.15 AM

WhatsApp Image 2024 02 01 at 10.55.16 AM

WhatsApp Image 2024 02 01 at 10.55.15 AM 2 1