පොලිසියේ ළමා උත්සවයට ආ සිසුන් පිරිසක් රෝගී වී රෝහලට

පොලිසියේ ළමා උත්සවයට ආ සිසුන් පිරිසක් රෝගී වී රෝහලට

ලෝක ළමා දිනය වෙනුවෙන් පාසල් පහක සිසුන් 500ක් වෙනුවෙන් බණ්ඩාරවෙළ පොලිසිය පැවැත් වූ උත්සවයකට සහභාගී වූ සිසුන් අතරින් 22 දෙදෙනකු හදිසියේ රෝගී වී රෝහල් ගත කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

බඩේ අමාරුව, සහ ක්ලාන්ත ගතිය නිසා මෙම සිසුන් රෝහල් ගත කර තිබේ.

උත්සවය වෙනුවෙන් පිළියෙළ කර තිබූ ආහාර වර්ගයක් විස වීමෙන් රෝගී තත්ත්වයට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ සැකකරයි. තවත් සිසුන් පිරිසක් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇත