‘HONDA’ සහ ‘MITSUBISHI’ එකමුතුවෙන් නව සමාගමක්

‘HONDA’ සහ ‘MITSUBISHI’ එකමුතුවෙන් නව සමාගමක්

නව විදුලි වාහන නිපදවීමේ අපේක්ෂාවෙන් ජපානයේ ප්‍රධාන වාහන නිෂ්පාදන සමාගම් ද්විත්වයක් වන හොන්ඩා සමාගම හා මිට්සුබිෂි සමාගම එක්ව නව සමාගමක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.

මේ වසරේ ජූලි මාසයේදී ස්ථාපිත කිරීමට නියමිත එම සමාගමේ නාමය වශයෙන් “ALTNA” යන නම යොදාගෙන තිබේ.

නව සමාගමේ කොටස් හිමිකාරිත්වයෙන් සියයට 50/50 හොන්ඩා හා මිට්සුබිෂි යන සමාගම් අතර සමව බෙදී යාමට නියමිතය.

විදුලි වාහන නිපදවීමේදී ඇතිවන අභියෝගවලට සාමූහිකව මුහුණ දීමේ අපේක්ෂාවෙන් ඔවුන් මෙසේ එක්ව කටයුතු කිරීමට තීරණය කර තිබේ.

Share This