ලොකුම කුඩු ව්‍යාපාරිකයෝ ඉන්නෙ පොලිස් ඇමති ටිරාන්ගේ සාක්කුවේ – හිරුණිකා

ලොකුම කුඩු ව්‍යාපාරිකයෝ ඉන්නෙ පොලිස් ඇමති ටිරාන්ගේ සාක්කුවේ – හිරුණිකා

ප්‍රභල කුඩු ව්‍යාපාරිකයන් රැසක් සිටිනුයේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ සාක්කුවේ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය යූටියුබ් නාළිකාවක සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කොට තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගීවී කතාවක් කළද පසුදින මහජන ආරක්ෂක අමාත්‍යවරයා තමන්ට අවශ්‍ය දේ තමන් කරන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය කුමක් පැවසුවද ඒවා තමන්ට අදාළ නොවන බවත් තමන්ට අවශ්‍ය දේ ඔහු විසින් කරන බව ටිරාන් අලස් මහතා පැවසූ බව ද මන්ත්‍රීවරිය ප්‍රකාශ කොට තිබේ.

රටෙහි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන කොන්දේසිය බවත් දිනකට එක් අයෙක් හෝ වෙඩි කෑ මැරෙන එකෙන් යුක්තිය මෙහෙයුම අයුක්තියත් බවට ඇති බවද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැඩි දුරටත් පවසා තිබේ.

කුඩු ඇල්ලීමට එපා කියා තමන් නොකියන බව ද කුඩු කාරයින් ඉන්නේ ටිරාන් අලස් මහතාගේ සාක්කුවේ බවත් ඇය ප්‍රකාශ කොට ඇත.

දෙමටගොඩ චමින්ද, දෙමටගොඩ කුඩු රුවන්, යන අය හට මහජන ආරක්ෂක අමත්‍යවරයා විසින් කිසිවක් සිදු නොකරන බවත් යුක්තිය මෙහෙයුම ආරම්භ කළ පසු ඊට කලින් ගේට්ටුවසාගෙන සිටි ඒ නම් සඳහන් කළ පුද්ගලයින් ගේට්ටුපවා ඇරගෙන නිදැල්ලේ සිටින බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය පවසා තිබේ.

දෙමටගොඩ හන්දියේ කරපිංචා සහ රම්පේ අලෙවි කරමින් සිටි අයෙක් දෙමටගොඩ චමින්ද වූ බවත් ඔහු බන්ධනාගාරයේ සිට ෂැංග්‍රීලා එකේ පැවැත්වුනු ඔහුගේ දියණියගේ කොටහළු මගුල වට්සප් තාක්ෂණය මගින් නරඹා ඇති බවත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ප්‍රකාශ කොට ඇති බව වාර්තා වේ.

කුඩු රුවන්ගේ පුතා තරිඳු ආකාශ් මෙවර (එක්සත් ජාතික පක්ෂය සහ පොහොට්ටුව එකට එක්ව මැතිවරණය සඳහා ඉදිරිපත් වුනු ) පළාත් පාලන මැතිවරණය සඳහා දෙමටගොඩ අපේක්ෂකයා වූ බවත් එම යූටියුබ් නාළිකාවේ සාකච්ඡාවට එක්වෙමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසා තිබේ.

දේශබන්ධු තෙන්නකෝන්ගේ නම සම්පූර්ණයෙන් අප්‍රසාදයට පත්ව ඇති බවත් වැඩ බලන පොලිස්පති යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කරනුයේ තම තනතුර ස්ථිර කර ගැනීමට බවත් කොටින්ට මුදල් දුන් බව ප්‍රසිද්ධියේ පිළිගත් පුද්ගලයා නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ අමාත්‍යවරයා වී ඇති බවත් ප්‍රකාශ කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එවිට හොඳටම යුක්තිය ඉෂ්ට වෙනවා නේදැයි ප්‍රකාශ කර තිබේ.