සාම සාධක රාජකාරි සඳහා යොදවා තිබූ හෙලිකොප්ටරයක් අනතුරට ලක්වෙයි

සාම සාධක රාජකාරි සඳහා යොදවා තිබූ හෙලිකොප්ටරයක් අනතුරට ලක්වෙයි

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරි සඳහා යොදවා තිබූ හෙලිකොප්ටරයක් අනතුරකට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

එරට වේලාවෙන් අද (12) උදෑසන 9.30ට පමණ ගුවන් යානය ගොඩබෑමට යෑමේ දී ඇති වූ අයහපත් දුවිලි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙලෙස අනතුරට ලක්ව ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

MI 17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් වන මෙහි ගුවන් හමුදා කාර්ය මණ්ඩලයේ පස්දෙනෙකු ගමන් කර ඇති අතර ජීවිත හානි කිසිවක් වාර්තා නොවන බව ද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට කණ්ඩායමක් යොදවා ඇති අතර, ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත පරීක්ෂණ මණ්ඩලයක් පත්කර ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.