හොරණ ද්විත්ව ඝාතන සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

හොරණ ද්විත්ව ඝාතන සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

පාදුක්ක, අංගමුව ප්‍රදේශයේ දී පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලීසිය විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක් අතරතුර පොලිස් මාර්ග බාධකයක් අසල දී අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක් පොලීසියට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පොලීසිය එයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී අදාළ යතුරුපැදිකරු තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, එලෙස මියගොස් ඇත්තේ, ඊයේ (07) හොරණ තල්ගහවිල ප්‍රදේශයේ සිදුවු ද්විත්ව මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු බවට සැකකෙරෙන බවයි.

ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රාජකාරියේ නියුතු 33 හැවිරිදි සෙබළෙක් බවට හඳුනාගෙන තිබේ.

ඔහුගේ මළ සිරුර පාදුක්ක රෝහලේ තැන්පත් කර තිබේ.

Share This