හිනිදුම වෙළඳසැලකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

හිනිදුම වෙළඳසැලකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

පෙට්‍රල් අඩංගු වීදුරු භාග බෝතල්වලින් සකස් කළ බෝම්බ තුනකින් හිනිදුම, තලන්ගල්ල ප්‍රදේශයේ සිල්ලර වෙළඳ සැලකට අද (03) උදැසන ප්‍රහාරයක් එල්ලකර ඇතැයි හිනිදුම පොලිසිය පවසයි.

දිගු කලක සිට පවතින පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබෙන අතර ඉන් වෙළඳ සැලේ භාණ්ඩවලට හානි වී ඇති බවයි, පොලිසිය සඳහන් කළේ.

මෙම ප්‍රහාරයෙන් කිසිවෙකුට අනතුරක් සිදුව නොමැති අතර වෙළද සැල් හිමිකරුගේ නවතා තිබු කාර් රථයේ දොරකට සහ වෙළඳසැලේ රාක්කවල ගබඩාකර ඇති බිස්කට් පැකට් වලට සුලු අලාභහානි සිදුව ඇති බව පොලිස් විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

සැකකරු දැනට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බැවින් හිනිදුම පොලිසිය ඔහු සොයා විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Share This