අධිවේගී මාර්ග රාජකාරි කටයුතු යුද හමුදාව යටතට

අධිවේගී මාර්ග රාජකාරි කටයුතු යුද හමුදාව යටතට

අධිවේගී මාර්ග ජාලය පෞද්ගලීකරණය කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් අද (22) එහි සියළුම ශ්‍රේණිවල සේවකයන් අසනීප නිවාඩු වාර්තා කර සේවයට නොපැමිණ වෘත්තිය ක්‍රියාමාර්ගයක් අරඹා ති‌බේ.

මේ හේතුවෙන්, යුද හමුදාව යොදවා මේ වනවිට එම කටයුතු පවත්වාගෙන යන බවයි, අධිවේගී මාර්ග මෙහෙයුම් කාර්යාලය සඳහන් කළේ.

ප්‍රවේශ පත් නිකුත් කරන නිලධාරීන් වැඩ වර්ජනයක නිරත වුව ද අධිවේගී මාර්ගවලට වාහන ඇතුළු කිරීමට බාධාවක් නොමැති බව ද මාර්ග සංවර්ධන අධිකාරිය පැවසීය.

එහි අධ්‍යක්ෂ ජනරාල් එල්. වී. එස්. විරකෝන් මහතා සඳහන් කළේ, මාර්ගවල ආරක්ෂාවට ත්‍රිවිද හමුදාව යොදවා ඇති බවයි.

ප්‍රවේශ පත් නිකුත් කිරීම ද ආරක්ෂක අංශ විසින් සිදු කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර, සමස්ත ලංකා අධිවේගී මාර්ග සේවක සංගමයේ සභාපති යොහාන් හසිත මුණසිංහ මහතා සඳහන් කළේ, උදෑසන 7.00 සිට රාත්‍රි 7 .00 දක්වා වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවත් මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කරන 11,000ක පමණ සේවකයින් පිරිසක් මෙම වර්ජනය සඳහා එක් වන බවයි.

Share This