ගිණි අවියක් ක්‍රියාත්තමක වී‍ පාසල් සිසුවකු මරුට

ගිණි අවියක් ක්‍රියාත්තමක වී‍ පාසල් සිසුවකු මරුට

අඹන්පොළ ආගරේ ප්‍රදේශයේ දී කොටන තුවක්කුවක් ක්‍රියාත්මකවීමෙන් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 16 හැවිරිදි කැත්තපහුව, අඹන්පොළ ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.

මියගිය සිසුවා ඔහුගේ පියා හා මව සමග ආගරේ ප්‍රදේශයේ පොල් වගාකර ඇති ඉඩමේ පිහිටි පැල වෙත ගොස් සිට ඇති අතර
ළමයා පැලේ නතර කර ඔහුගේ මව සහ පියා ඒ අසල පිහිටි ගොයම් වගා කර ඇති කුඹුරේ පැලට ගොස් තිබේ.

එම අවස්ථාවේ පොල් වගා කරන ඉඩම දෙසින් වෙඩි ශබ්දයක් ඇසී ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේ දී තුවාල සහිතව පැල ආසන්නයේ කොටන තුවක්කුවක්‌ ද සමඟ වැටී සිටි පුතා දැක ඇත.

අනතුරුව සිසුවා ගල්ගමුව රෝහලට ඇතුළත්‌ කර තිබෙන අතර එහිදී ඔහු මියගොස් තිබේ.

අඹන්පොල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

Share This