හදිසියේ පැමිණි හෙලිකොප්ටර් යානයක් නිසා ගලෙන්බිඳුණු වැව නොසන්සුන් වෙයි

හදිසියේ පැමිණි හෙලිකොප්ටර් යානයක් නිසා ගලෙන්බිඳුණු වැව නොසන්සුන් වෙයි

ගලෙන්බිදුණුවැව – පලුගොල්ලාගම විද්‍යාලයේ ක්‍රීඩා පිටියට ඊයේ (04) පෙරවරුවේ පුද්ගලික සමාගමකට අයත් හෙළිකොප්ටර් යානයක් ගොඩබැස්සවීමත් සමඟ එම ප්‍රදේශවාසීන් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී තිබුණා .

කෙකාවැව ප්‍රදේශයේ පවත්වා ගෙන යන දේවාලයක කපු මහතෙකු හමුවීම සඳහා පැමිණි පිරිසක් යළි රැගෙන යාමටයි මෙම හෙළිකොප්ටරය පැමිණ ඇත්තේ.

කිසියම් නීති විරෝධී කටයුත්තක් සඳහා පිරිසක් මෙම හෙළිකොප්ටර් යානයෙන් පැමිණ ඇති බවට ප්‍රදේශවාසීන් අතර සැකයක් මතුවීමත් සමඟ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

මේ සම්බන්ධයෙන් කොකාවැව පොලිසිය සඳහන් කළේ, පිළිකා රෝගියෙකු සඳහා ප්‍රදේශයේ පිහිටි දේවාලයකින් ආශීර්වාද ලබාගෙන යාම සඳහා මෙම පිරිස අදාළ හෙළිකොප්ටර් යානයෙන් මෙලෙස පැමිණ තිබූ බවයි.

වාහනයකින් ඊයේ (04) අලුයම් කාලයේ අදාළ රෝගියා දේවාලයට රැගෙන ආ බවට අනාවරණය වී ඇති අතර, ඔහුට යළි එම වහනයෙන් ගමන් කිරීමට පැවති අපහසුතාව මත ඔහුගේ ඥාතීන් විසින් මෙලෙස පුද්ගලික සමාගමකට අයත් හෙළිකොප්ටර් යානයක් ගෙනවාගෙන රෝගියාව රැගෙන යාමට කටයුතු කර ඇති බවටයි වාර්තා වන්නේ.

මෙලෙස හෙළිකොප්ටර් යානයෙන් ගොස් ඇත්තේ ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයින් පිරිසක් බවටයි පැවසෙන්නේ.

Share This