බස්නාහිර උපාධිධාරින් ‍2500 කට ගුරු පත්වීම්

බස්නාහිර උපාධිධාරින් ‍2500 කට ගුරු පත්වීම්

බස්නාහිර පළාතේ ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරින් ‍2500 කට පත්වීම් ලබා දී ති‍බේ.

පසුගිය ඔක්තෝම්බරයේ පැවති ගුරු විභාගයේ ප්‍රතිඵල මත එම පිරිස බඳවා ගන්නා බවයි, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සිරිසෝම ලොකුවිතාන සඳහන් කළේ,

ඒ සඳහා පත්වීම් ලිපි ප්‍රදානය අද සිදු කෙරෙනු ඇති.

ප්‍රාථමික , කලා,වාණිජ, විද්‍යා හා ගණිතය විශය ධාරා මෙන්ම සාමාන්‍ය පෙළ විෂය ඉගැන්වීම සඳහාද මෙහිදි ගුරුවරුන් බඳවා ගන්නා බවයි, ලේකම්වරයා පැවසුවේ.

විභාග ප්‍රතිඵල නිකුත් කළද බඳවා ගැනීම් ප්‍රමාද වූයේ ඒ සම්බන්ධයෙන් නඩුවක් පැවරීම හේතුවෙන් ය.

බස්නාහිර පළාතේ ගුරු පුරප්පාඩු 2000කට අධික සංඛ්‍යාවක් තවදුරටත් පවතින බවයි, ලේකම්වරයා ප්‍රකාශ කළේ.

Share This