web hit counter
තවත් පාසල් සිසුවෙකු ගෙල වැලලාගෙන සියදිවි හානි කර ගනී

තවත් පාසල් සිසුවෙකු ගෙල වැලලාගෙන සියදිවි හානි කර ගනී

හැටන් පොලිස් බල ප්‍රදේශයට අයත් ලෙදන්ටි වතුයායේ මාල්බ්‍රෝ කොටසේ පදිංචිව සිටි 15 හැවිරිදි පාසල් සිසුවෙකු සිය නිවස තුල ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව හැටන් පොලිසිය පවසයි.

මෙසේ සියදිවි හානි කරගෙන ජිවිතක්ෂයට පත් වී ඇත්තේ, හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් පැන්මුර් දමිල මහා විද්‍යාලයේ 10 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි ආර්.කොබි හර්ෂන් නැමති පාසල් සිසුවෙකි.

මියගිය සිසුවාගේ මව, සොහොයුරා සහ සොහොයුරිය ඊයේ (30) පස්වරුවේ එම වතුයායේ කොවිලේ පැවති උත්සවයකට සහභාගි වීමට ගොස් එදින රාත්‍රි 9ට පමණ නැවත නිවසට පැමිණෙන විට පාසල් සිසුවා නිවසේ මුළුතැන්ගෙය ආසන්නයේ පිහිටි කාමරයක එල්ලී සියදිවි හානිකරගෙන ඇති බවට සිදු කරන ලද මුලික විමර්ශන කටයුතු වලදී අනාවරණය වු බව හැටන් පොලිසියේ නිලධාරියෙකු පැවසීය.

මියගිය සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර, සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )