තිස්සට ගෞරව සම්මානයක්

තිස්සට ගෞරව සම්මානයක්

සදහම් යාත්‍රා සංකල්පයේ නිර්මාතෘවරයා වශයෙන් මෙරට බෞද්ධ සංස්කෘතිය තුළ හින්දු, ඉස්ලාම්, කතෝලික ආගමික ආයතනයන් එක් කරමින් ආගමික සංහිදියාව යථාර්ථයක් බවට පත් කිරීම උදෙසා කළ කැප කිරීම වෙනුවෙන් මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය තිස්ස අත්තනායක මහතා වෙත “දේශකීර්ති ශ්‍රී ශාසනාභිමානි” යන ගෞරව සම්මානෝපාධිය පිරිනමා තිබේ.

ඓතිහාසික සෙංකඩගල පුරවරයේ උපත ලබා ලාංකීය දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් සේ ගොඩනැගී ආගමික හා සහජිවනය ගොඩනැංවීම උදෙසා කටයුතු කළ තිස්ස අත්තනායක මහතා මුලික අධ්‍යාපනය මිනිපේ සංඝබෝධි විද්‍යාලය, හඳගනාව මහා විද්‍යාලය, කටුගස්තොට උඩුවාවල යන විද්‍යාල වලින් ලබා ඇති අතර 1985 පසුව වර්ෂයේදී කැලණිය විශ්ව විද්‍යාලයෙන් වාණිජවේදී විශේෂ උපාධිය ද දිනාගෙන ඇත.

1989 වර්ෂයේ එවකට විධායක ජනධිපති වූ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ආරාධනයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කොට එතැන් සිටි දසක හතරකට ආසන්න කාලයක් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන, පළාත් පාලන, මධ්‍යයම ප්‍රදේශ සංවර්ධන, සෞඛ්‍ය ආදී අමාත්‍යාංශයනහි අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් මහනුවර දිස්ත්‍රික්කයටත් සමස්ත ශ්‍රී ලංකාවටත් තම සේවය ලබා දී තිබේ.