ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන හරින්ගෙන් ඉඟියක්

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන හරින්ගෙන් ඉඟියක්

ඔක්තෝබර් මස පළමු සතියේදී ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව සංචාරක සහ ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඔක්තෝබර් 14 වන දා වන විට මෙරට නව ජනාධිපතිවරයෙකු පත් විය යුතු බව ය.

එමෙන් ම, ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද අනිවාර්යයෙන් ඉදිරිපත් වන බව ඔහු පැවසීය.

“රට ගොඩ දාන්න නම් මේ ජනාධිපතිවරයාට තව එක වතාවක් ලැබෙන්න ඕනේ. මේ කෙටි කාලයකදී ලෝකයේ බංකොලොත් වෙච්ච රටක් වෙනස් කරපු කෙටි ම කාලීන ජනාධිපතිවරයා.”