‘ඩොවොන් 05’ යාත්‍රාවේ සිට දිවි බේරුණු ධීවරයා හම්බන්තොට රෝහලට

‘ඩොවොන් 05’ යාත්‍රාවේ සිට දිවි බේරුණු ධීවරයා හම්බන්තොට රෝහලට

මුහුදේ පාවෙමින් පැමිණි බෝතලයක තිබූ යම් දියරයක් මත්පැන් වර්ගයක් යැයි සිතා පානය කිරීමෙන් රෝගී තත්ත්වයට පත්ව සිටි බහුදින ධීවර යාත්‍රාවේ ධීවර කාර්මිකයා අද (01) උදේ හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබේ.

සිංගප්පූරු ධජය සහිත වෙළඳ නෞකාවකින් මෙරට නාවික හමුදාවට අයත් විජයබාහු නෞකාව වෙත භාරදීමෙන් අනතුරුව හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමෙන් පසුව එම රෝගී පුද්ගලයා මේ වන විට හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇති බවයි, නාවික හමුදාව පැවසුවේ.

මියගොස් ඇති තවත් පුද්ගලයෙකුගේ සිරුර හම්බන්තොට ජාත්‍යයන්තර වරාය තුල අදාළ පරීක්ෂණ කටයුුතු සඳහා තබාගෙන ඇත.

“ඩෙවෝන් 05” බහුදින ධීවර යාත්‍රාවෙන් මුහුදු ගිය ධීවරයින් 06 දෙනෙකු මෙලෙස මුහුදේ පාවෙමින් පැමිණි දියරයක් පානය කර තිබූ අතර ඔවුන්ගෙන් සිව් දෙනෙකු එම ධීවර යාත්‍රාව තුළදීම ජීවිතක්ෂයට පත්ව තිබුණි.

අම්බලන්තොට, පල්ලිකුඩාව, බෙලිඅත්ත, මාතර ප්‍රදේශවල පදිංචි ධීවරයින් 6 දෙනෙකු තංගල්ල ධීවර වරායෙන් මුහුදුගොස් තිබුණේ පසුගිය 4 වනදායි.

Share This