හල්කඳවිල බඩවත්ත ඇලට විසක් මුසුවී මසුන් මැරිලා

හල්කඳවිල බඩවත්ත ඇලට විසක් මුසුවී මසුන් මැරිලා

පයාගල හල්කඳවිල බඩත්ත ඇළට කිසියම් විසක් මුසුවී මත්සයයින් විශාල ප්‍රමාණයක් මියගොස් ඇත.

ප්‍රදේශයේ කටුපොල් පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් විස ජලය මුදාහැරීමෙන් මේ තත්ත්වය උදාවී ඇති බව ප්‍රදේශවාසින් පවසති.

බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සහ දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හරහා ගලා බසින බඩත්ත ඇල ප්‍රදේශයේ ගොවිතැන් කටයුතුවලට මෙන්ම සත්ව පාලනයට සහ නෑමට භාවිතා කරන බැවින් මෙම විස ජලය මුසු වීම නිසා එම ප්‍රදේශයේ පවුල් විශාල සංඛ්‍යාවක් බරපතළ ගැටලුවකට මුහුණ දී තිබෙන බව සදහන් වේ.

මේ පිළිබඳව මේ වනවිට පයාගල පොලිසිය දැනුවත් කර ඇති අතර අද උදෑසන එම ඇළ නිරීක්ෂණය සඳහා බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැමිණ සිටියහ.

එම ප්‍රදේශයේ ජනතාවට මෙම ඇල භාවිතා නොකරන ලෙසත් මියගිය මත්සයයින් අනුභව නොකරන ලෙසත්, ඇලට බැසීමෙන් වළකින ලෙසත් අවවාද නිකුත් කර තිබේ.