සයිබර් ප්‍රහාරයට අදාළ පරීක්ෂණ වාර්තාව අද අධ්‍යාපන අමාත්‍යාංශයට

සයිබර් ප්‍රහාරයට අදාළ පරීක්ෂණ වාර්තාව අද අධ්‍යාපන අමාත්‍යාංශයට

අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවියට එල්ල වූ සයිබර් ප්‍රහාරයට අදාළ පරීක්ෂණ වාර්තාව අද (11) දිනයේ අධ්‍යාපන අමාත්‍යාංශයට භාර දීමට නියමිත බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

වෙබ් අඩවියේ ඉදිරි ආරක්ෂාව හා ඒ සම්බන්ධ සියලු විස්තර මෙහි අඩංගු බවයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යේෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල මහතා සඳහන් කළේ.

තව ද වෙබ් අඩවියේ යම්කිසි දුර්වලතාවක් හේතුවෙන් මෙම සිදුවී ඇති බවත් ඉදිරියේදී මෙවැනි සිදුවීම් වළක්වාගත යුතු නිර්දේශයන් මෙහි අඩංගු බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරය එල්ල කර ඇත්තේ, මෙරට අන්තර්ජාල සබඳතාවකින් බව ද හෙළිව තිබුණි.

Share This