
අබුඩාබි සිට කටුනායක දක්වා නව ගුවන් සේවයක්
අබුඩාබි සිට කටුනායක දක්වා අඩු වියදම් නව ගුවන් සේවයක් ආරම්භ කරමින් මංගල ගුවන් යානය ඊයේ(08) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
මගීන් 158 දෙනකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 08 දෙනකුගෙන් සමන්විත එයාර් ඇරේබියා ගුවන් සේවයේ 3 එල් – 197 දරණ ගුවන් යානය අබුඩාබි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
මෙම ගුවන් යානා සතියේ සෑම බදාදා, සිකුරාදා සහ ඉරිදා යන දින වල රාත්‍රී 08.00 ට පැමිණෙන අතර, එම ගුවන් යානා යළිත් රාත්‍රී 08.30 ට කටුනායක ගුවන් තොටුපොළෙන් අබුඩාබි බලා පිටත්ව යාමට නියමිතය.