හෝටල් කාමරයක අභිරහස් මරණයක්

හෝටල් කාමරයක අභිරහස් මරණයක්

අවිස්සාවේල්ල මනමේන්ද්‍ර මාවතේ පිහිටි හෝටලයකට ලැගුම් ගැනීමට පැමිණි යුවලක් අතරින් කාන්තාව සැකකටයුතු ලෙස මිය ගොස් සිටියදී හමු වූ බව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ, වලපනේ ප්‍රදේශයේ පදිංචිකාරියක වන 23 හැවිරිදි තරුණියකි.

මියගිය තරුණිය පුද්ගලයෙකු සමග ඊයේ (10) සවස අදාළ හෝටලයට පැමිණ එහි කාමරයක නවාතැන්ගෙන ඇති අතර, ඊට ටික වේලාවකට පසුව ඇය සමග සිටි පුද්ගලයා විසින් තරුණිය සිහිසුන්ව වැටී සිටින බවට හෝටල් කළමනාකාරීත්වය දැනුවත් කර ඇත.

පසුව සිදුකළ දැනුම්දීමක් මත පොලීසිය එම ස්ථානයට පැමිණ තිබුණි.

මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ සිදුවීම වූ ස්ථානයේම ඇති අතර අවිස්සාවේල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share This