හිසට එල්ල කළ කතුරු පහරකින් ග්‍රෑන්ඩ්පාස් හි තරුණයෙක් මරුට

හිසට එල්ල කළ කතුරු පහරකින් ග්‍රෑන්ඩ්පාස් හි තරුණයෙක් මරුට

අද (20) අලුයම ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඉඟුරුකඩේ හංදියේ කුණු ඇළ අසල දී තරුණයෙකුගේ හිසට කතුරක් වැනි තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබේ.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, අවුරුදු 19ක් වූ රුවන් කුමාර නැමති එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර මියගිය තරුණයා මත්ද්‍රව්‍යවලට දැඩිව ඇබ්බැහි වූ අයෙකු බවත් විවිධ සොරකම්වලට සම්බන්ධ වුවෙක් බවටත් අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

 

Share This