බීමතින් පැමිණි පියා දරුවාගේ ඇඟට උණු වතුර වත්කරලා

බීමතින් පැමිණි පියා දරුවාගේ ඇඟට උණු වතුර වත්කරලා

බීමත්ව පැමිණි පියා තම වැඩිමහල් දරුවාගේ ඇඟට උණු වතුර වත්කිරීම නිසා පිලිස්සුම් තුවාල ලැබු දරුවා ඊයේ (24) පස්වරුවේ ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව ලිදුල පොලිසිය පැවසිය.

ලිදුල පොලිස් වසමට අයත් බෙයාර්විල් වත්තේ පදිංචි සැකකාර පියා ඊයේ පස්වරුවේ අධික ලෙස බීමත්ව පැමිණ සිය මව සමග ආරවුලක් ඇති කරගෙන ඇති බවත්, එහිදි උරණ වු සැකකාර පියා මුළුතැන්ගෙට ගොස් රත් වී තිබු කේතලයේ උණු වතුර සිය දරුවාගේ ඇග මතට ඉසීම නිසා දරුවාගේ කොන්ද ප්‍රදේශය පිලිස්සී තුවාල සහිත දරුවා ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි ලිදුල පොලිසිය කියා සිටියේ.

සැකකරු සහ ඔහුගේ බිරිද කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින බවත්, දරුවන් දෙදෙනා මිත්තණියගේ භාරයේ තබා සැකකරු සහ බිරිද රැකියාවේ නිරතව සිටින බවත්, ඊයේ පස්වරුවේ සැකකරු අධික ලෙස බිමත්ව නිවසට පැමිණි අවස්තාවේ මව සමග ආරවුලක් ඇති කර ගෙන ඇත.

සැකකරු විසින් තම මුණුබුරාගේ ඇග මතට උණු වතුර වැක්කරු බවට මිත්තණිය විසින් ලිදුලි පොලිසියට පැමිණිල්ලක්ද කර ඇත.

සැකකරුගේ මව වන ජි.රොස්මේරි මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ, තම පුතා මිතුරන් සමග අධික ලෙස බිමත්ව නිවසට පැමිණ තමන් සමග ආරවුලක් ඇති කරගෙන කුස්සියේ තමා සමග වාඩි වී සිටි මුණුබුරාගේ ඇගට රත් වී තිබු කේතලයේ වතුර වැක්කෙරු බවයි.

සැකකාර පියා අත්අඩංගුවට ගැනිම සදහා මේ වන විට පියවර ගෙන ඇති බවද ලිදුල පොලිසිය පැවසිය.