සාගරට පුන්නක්කු බාල්දියක්

සාගරට පුන්නක්කු බාල්දියක්

පසුගිය දා සාගර කාරියවසම් විසින් පොහොට්ටු සම්මේලනයේ දී “රටේ දරුවන්ගෙන් 3% කුහකයෝ” යැයි කළ ප්‍රකාශයකට එරෙහිව පිරිසක් බත්තරමුල්ල නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලය වෙත ගොස් තිබේ.

ජන අරගල ව්‍යාපාරයේ සභාපති චානක බණ්ඩාර ප්‍රශ්න කරන්නේ, කාරියවසම්ගේ ප්‍රකාශය ගැන සමස්ත පාර්ලිමේන්තුවේ 255ම සහ පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීලාගේ අදහස කුමක්ද යන්නයි.

සාගර කාරියවසම්ගේ ප්‍රකාශය පිළිබඳ සිවිල් හා දේශපාලන සම්මුතිය යටතේ නඩු පැවරීමට කටයුතු කළ හැකි බවත් ඔහු පවසීය.

මෙය සාගරගේ මතයද, මහින්ද රාජපක්ෂගේ මතයද, බැසිල් රාජපක්ෂගේ මතයද, නාමල් රාජපක්ෂගේ මතයද යැයි ඔහු විමසයි.

මේ රටේ ධනය හොරා කාපු පිරිස මෙසේ කීම කෙතරම් සාධරණදැයි හෙතෙම ප්‍රශ්න කරයි.

මේ පිරිස මතිවරණයකදී එකට පරාජය කරන බවත්, මේ පිළිබඳ විමසන්න පැමිණි විටදී සාගර කාරියවසම් පැන ගොස් ඇති බවත් ඔහු පවසීය.

Share This