කළු ගඟේ මීටර් 12.38 ක් උස ජල කඳක්

කළු ගඟේ මීටර් 12.38 ක් උස ජල කඳක්

කළු ගඟේ ජල මට්ටම ඇල්ලගාව ප්‍රදේශයෙන් මීටර් 12.38ක් දක්වා ඉහළගොස් මහා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

එමෙන්ම තවදුරටත් එම ජල මට්ටම ඉහළ යමින් පවතින බවද ජනතාවට දැනුම්දී සිටියි.

කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයේ ද තවදුරටත් මහා ගංවතුර තත්ත්වය පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම දෙපාර්තමේන්තුව අද පස්වරු 3.30ට නිකුත් කර තිබූ ගංවතුර මට්ටම පිළිබඳ නිවේදනය පහතින්.