රත්‍රං මිල පහළට

රත්‍රං මිල පහළට

මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව, අද (31) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 149,000 ක් දක්වා පහළ ගොස් තිබේ.

පසුගිය සතියේ බදාදා දිනයේ දී එය දැක්වුණේ රු. 154,500ක් ලෙසය.

මේ අතර සිකුරාදා රු. 167,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 161,000 ක් දක්වා පහත වැටී ඇති බව වාර්තා වේ.