ලස්සන පාටට තියෙන රෝස් චිකන් ,ප්‍රයිඩ් රයිස් කන්නේ බලාගෙනයි

ලස්සන පාටට තියෙන රෝස් චිකන් ,ප්‍රයිඩ් රයිස් කන්නේ බලාගෙනයි

විවිධ වර්ණක යොදා දීප්තිමත් ප්‍රියමනාප තත්ත්වයට පත් කර ඇති බිරියානි වර්ග, ප්‍රයිඩ් රයිස් සහ මස් වර්ග වැනි ආහාර ශරීරයට හානිකර බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මෙම වර්ණක නියමිත ප්‍රමාණයට යොදා තිබෙනවා ද එසේ නොමැති නම් වැඩි මාත්‍රාවක් යොදා ඇත්ද යන්න සෙවීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය රසායනාගාර පරීක්ෂණයක් කළ යුතු බව එම සංගමයේ භාණ්ඩාගාරික රෝෂණ කුමාර මහතා ප්‍රකාශ කළේය.

වෙළඳපොළේ දක්නට ලැබෙන වර්ණක භාවිත කළ යුතු ප්‍රමාණය පිළිබඳව ආහාර පනතේ නියාමනය කිරීම සඳහා වගන්තිද ඇතුළත් කර තිබේ.

එසේ වුවද අධික ලෙස මෙවැනි වර්ණ යොදා ගනිමින් රෝස්ට් චිකන් බුරියානි සකස් කිරීම සහ ප්‍රයිඩ් රයිස් වර්ග සැකසීම සඳහා මෙම වර්ණ බහුලවම භාවිත කිරීම ආහාර වෙළඳසැල් ආශ්‍රිතව දක්නට ලැබෙයි.

මේ සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතු අතර, ආහාර සුරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේ අවශ්‍ය නීති රීති සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර සුරක්ෂණ ඒකකය සතුව පවතින බවය.