පැරණි ගොඩනැගිල්ලක බිත්තියක් කඩා වැටී පුද්ගලයෙක් මරුට

පැරණි ගොඩනැගිල්ලක බිත්තියක් කඩා වැටී පුද්ගලයෙක් මරුට

මහරගම හයිලෙවල් පාරේ පැරණි ගොඩනැගිල්ලක කොන්ක්‍රීට් කොටසක් කඩා වැටි බරපතල තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයන් දෙදෙනාගෙන් අයෙකු ගොස් ඇතැයි මහරගම පොලිසිය කියයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ හෝමාගම ගැමුණු මාවතේ අංක 326/ බ් නිවසේ පදිංචිව සිටි සුගත් මාරඹගේ 45 යන අයයි.

මියගිය පුද්ගලයා සහ තවත් පුද්ගලයන් කීපදෙනෙකු එක්ව පැරණි ගොඩනැගිල්ලක ජනේලයක් ඉවත් කිරීමට යාමේදී එකවරම ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් කොටසක් කඩා වැටීම හේතුවෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි

Share This