ඊශ්‍රායල ගුවන් ප්‍රහාර වලින් පැය 24ක් තුළ 266ක් ජීවිතක්ෂයට

ඊශ්‍රායල ගුවන් ප්‍රහාර වලින් පැය 24ක් තුළ 266ක් ජීවිතක්ෂයට

ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ පහරදීම්වලින් ගතවුණු පැය 24 ඇතුළත ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් 266 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි වාර්තා වේ.

ඊට අමතරව ජබාලියා සරණාගත කඳවුරට ද ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයෙන් මියගිය ගණන 30 ක් බව පැවැසෙයි.

හමාස් සටන්කාමීන් සොයමින්, ඊශ්‍රායල හමුදා එල්ල කරන ගුවන් ප්‍රහාරවලින්, මේ වනවිට මියගොස් ඇති සමස්ත පලස්තීනුවන් ගණන 4,651 කි. හමාස් ප්‍රහාරවලින් මියගිය ඊශ්‍රායල වැසියන් ගණන 1,400 කි.

මේ අතර ගාසා තීරයේ අල් ෂීෆා සහ අල් කුඩ්ස් යන රෝහල් දෙකට ද ඊශ්‍රායල හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.

ගුවන් ප්‍රහාරවලින් තුවාල ලැබූ පලස්තීන සිවිල් වැසියන් බොහෝ දෙනකු ප්‍රතිකාර ගනිමින් සිටින්නේ අල් ෂීෆා රෝහලේ යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් රෝහල් දෙකට හානි සිදුවුණු බව පැවැසෙයි.

පලස්තීන පාලන අධිකාරිය වාර්තා කළේ ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයේ උතුරු කොටසට පමණක් නොව, දකුණු කොටසට ද දිගින් දිගටම පහර දෙමින් සිටින බවය.

ඊට අමතරව, බටහිර ඉවුරේ ඊශ්‍රායල පලාන ප්‍රදේශවල ද ඊශ්‍රායල හමුදාව මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පැවැසෙයි.

ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා පවසන ආකාරයට මේ වනවිට හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායල හමුදා අතරේ ආරම්භ වුණු ගැටුම්වලින් දෙපාර්ශ්වයේම 6,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇති බවය.

Investigations reveal discrepancies in Israel's Gaza hospital attack claims  | Israel-Palestine conflict News | Al Jazeera

France Says Israeli Strike Not Behind Gaza Hospital Attack

Free world, where are you?' Gaza hospital chief pleads amid Israel attacks  | Israel-Palestine conflict News | Al Jazeera

 

Share This