බස් – ත්‍රීරෝද රථ අනතුරෙන් තරුණයන් දෙදෙනෙක් මරුට

බස් – ත්‍රීරෝද රථ අනතුරෙන් තරුණයන් දෙදෙනෙක් මරුට

කටුනායක ආඩිඅම්බලම ප්‍රදේශයේ ඊයේ (22) රාත්‍රී සිදු වූ බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ මාරක රිය අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙකු මරණයට පත් වී ඇති බව කටුනායක පොලිසියේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

මෙම සුඛෝපභෝගී බස් රථය අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන ආසන වෙන් කිරීමකින් පසුව දෙහිවල සිට කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මඩකලපුව බලා ධාවනය වන්නකි .

බස් රථය ඊයේ රාත්‍රී 10.45 ට පමණ මගීන් සමග ආඩිඅම්බලම ප්‍රදේශය පසු කර යමින් සිටියදී , ඉදිරි පසින් පැමිණි ත්‍රිරෝද රථයක් මුහුණට – මුහුණ ගැටීමෙන් අනතුර සිදු වී ඇති බව පොලිසිය පවසයි .

මෙම අනතුරින් ත්‍රිරෝද රථය පැදවූ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි චතුරංග හේරත් සිරිවර්ධන සහ පසුපස ආසනයේ ගමන් ගත් 19 හැවිරිදි චරිත් ප්‍රියදර්ශන නැමැත්තා ද මිය ගොස් තිබේ .

ඔවුන්ගේ මළසිරුරු මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර , මෙම බස් රථයේ රියැදුරුවරයා කටුනායක පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ .

1 5