සරණ ගුණවර්ධන නිදහස්

සරණ ගුණවර්ධන නිදහස්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන සමයේ මණ්ඩලයට කුලී පදනම මත වාහන ලබා ගැනීමේ දී රුපියල් ලක්ෂ 28ක මුදලක් රජයට පාඩු කළ බවට හිටපු රාජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකය විසින් පවරා තිබු නඩුවෙන් ඔහු නිදහස් කර තිබේ.

අද (12) පෙරවරුවේ හිටපු අමාත්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිදහස් කරන ලෙසට කොළඹ මහාධිකරණ විනිසු නාමල් බණ්ඩාර බලල්ලේ නියෝග කළේය.

නඩුව කැඳවූ අවස්ථාවේ, විත්තියේ නීතිඥවරුන් මතු කළ මූලික විරෝධතා හේතුවෙන් නඩුකරය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවටයි මහාධිකරණ විනිසුරුවරයා තීරණය කළේ.

ඒ අනුවයි අද දිනයේ දී සරණ ගුණවර්ධන හිටපු සභාපතිවරයාට නිදහස හිමිවූයේ.

Share This