ලක්ෂ 50කට අධික වටිනා ගංජා හේනක් වටලා අයෙක් අත්අඩංගුවට

ලක්ෂ 50කට අධික වටිනා ගංජා හේනක් වටලා අයෙක් අත්අඩංගුවට

තණමල්විල – අරඹෙකෙම ප්‍රදේශයේ දී ගංජා හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට තණමල්විල පොලිසිය සමත්ව තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අදාල ගංජා හේන වගා කළ එම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 36ක අයෙක්.

එම ගංජා හෙනේ අඩි හතරකට ආසන්න උසකින් ඉතාමත්ම සරුවට වගා කර තිබූ ගංජා ගස් පහලොස් දහසක් පමණ තිබී ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ පනහකට අධික බවයි පොලිසිය පැවසුවේ.

 

Share This