මුහුදේ පාවෙමින් තිබූ ලක්ෂ 420ක කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

මුහුදේ පාවෙමින් තිබූ ලක්ෂ 420ක කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් යාපනය, වෙත්තලකේනි මාමුනෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් මුහුදේ පාවෙමින් තිබූ රුපියල් මිලියන 42ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 128 කට අධික තොගයක් ඊයේ 8 දින අත් අඩංගුවට ගෙන තිබේ.

එම කේරළ ගංජා තොගය උර හතරක බහා තිබුණේ පාර්සල් 53 ක් ලෙස බව ප්‍රකාශ කළ නාවික හමුදාව මෙම කේරළ ගංජා තොගය බෝට්ටුවකින් යාපනයට රැගෙන එමින් තිබියදී නාවික හමුදාවේ මුර යාත්‍රා දැකීම නිසා ඒවායෙහි අයිතිකරුවන් විසින් ගංජා තොගය මුහුදට වීසි කරන්නට ඇතැයි ද නාවික හමුදාව සදහන් කළේය.

නාවික හමුදා බාරයට ගත් එම කේරළ ගංජා තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා නාවික හමුදාව බාරයේ තබා ගෙන ඇත.