මත්පෙති සහ ගංජා සමඟ 23 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට

මත්පෙති සහ ගංජා සමඟ 23 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට

මත්පෙති, අයිස් මත්ද්‍රව්‍ය සහ කේරල ගංජා ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වාලච්චේන සෙම්මන්නෝඩෛ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ වාලච්චේන කඳවුරේ අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක කේ. ජී. එල්. කුමාර මහතාට ලැබී තිබූ තොරතුරකට අනුව එම වැටලීම සිදුකර ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, වාලච්චේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක කාන්තාවකි.

සැකකාරිය සන්තකයේ තිබී මුදලින් රු. 86,000.00 ක් නිලධාරීන් භාරයට ගෙන ඇත.

සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 53 මිලි ග්‍රෑම් 240 ක්, කේරල ගංජා ග්‍රෑම් 24 මිලි ග්‍රෑම් 30 ක් සමග මත්පෙති 1,950 ක් ජාවාරම් කිරීම සඳහා සූදානම් කර තිබියදී අත්අඩංගුවට ගෙන තිබේ.

Share This