කාන්තාවන් වෙනුවෙන් ජනපතිගෙන් පනත් කෙටුම්පත් දෙකක්

කාන්තාවන් වෙනුවෙන් ජනපතිගෙන් පනත් කෙටුම්පත් දෙකක්

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පනත් කෙටුම්පත් දෙක ලබන මැයි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අද (08) පෙරවරුවේ ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා

කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පනතට අනුව වෙනම කොමිෂන් සභාවක් ස්ථාපිත කිරිමට අපේක්ෂා කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණය හඳුන්වා දීම මඟින් කාන්තාවන්ගේ අභිවෘද්ධිය සහ සවිබල ගැන්වීම සඳහා විධිවිධාන සැලැස්වීම එහි අරමුණ බවත් ඔහු මෙහිදී පැවසුවා

කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ පනත ඊයේ (07) දිනයේදී ගැසට් කළ අතර ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත එළැඹෙන සතියේ දී ගැසට් කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා

මේ අතර, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් අයවැයකරණය ද ඉදිරියේදී ගෙන ඒමට කටයුතු කරන බවත්, එය ආසියාවේ පළමු වරට සිදු කෙරෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් පැවසුවා.