ගණිකා සේවයේ යෙදුනු බැංකු නිලධාරිනියක් හා නිරූපණ ශිල්පිණියක් ඇතළු 7ක් අත්අඩංගුවට

ගණිකා සේවයේ යෙදුනු බැංකු නිලධාරිනියක් හා නිරූපණ ශිල්පිණියක් ඇතළු 7ක් අත්අඩංගුවට

ධනවත් ව්‍යාපාරිකයන්ට සහ විදේශිකයන්ට කාන්තාවන් අලෙවි කිරීමේ නිරතව සිටි පුද්ගලයන් තිදෙනකු සහ ඔවුන් සමඟ ගණිකා වෘත්තියේ යෙදුණු බවට සැක කරන කාන්තාවන් සිව් දෙනකු වලාන දූෂන මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊයේ (22) හොරණ අඟුරුවාතොටදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙසේ අත්අඩංගුවට ගත් කාන්නාවන් අතර ප්‍රධාන පෙළේ වානිජ බැංකුවක විධායක ශ්‍රේණියේ සේවිකාවක, හා නිරූපණ ශිල්පිණියක ද වන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මොරටුව කොරළවැල්ල ප්‍රදේශයේ පුද්ගලයකු විසින් මෙම ගණිකා ව්‍යාපාරය කරගෙන  යන බවට වලාන දූෂණ මර්දන ඒකකය වෙත තොරතුරු ලැබී ඇති අතර ඔවුන් උපාය දූතයකු භාවිත කර මෙම පුද්ගලයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී ඔවුන් විදේශීය කණ්ඩායමකට ඔවුන්ගේ සේවය අවශ්‍ය බවට ඇමතුමක් ලබා දී වාහනයකින් හොරණ අඟුරුවාතොට පුදේශයට ගෙන්වා ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාවන් එක් පුද්ගලයකුගෙන් රුපියල් 55,000ක් පමණ අය කරන බවටද තොරතුරු අනාවරණය කරගෙ ඇති අතර මෙම ව්‍යාපාරයට සහය දුන් තවත් පුද්ගලයන් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගත් පිරිමි පුද්ගලයන් තිදෙනා සහ කාන්තාවන් සිව් දෙනා අද අධිකරණය හමුවට ඉදරිපත් කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි

Share This