ඉන්දියාවෙන් මෙරටට වඩම්මවන ලද ගණ දේව ප්‍රතිමා දහයක් ඩොවොන් පොකුණේ දිය කර හැරේ

ඉන්දියාවෙන් මෙරටට වඩම්මවන ලද ගණ දේව ප්‍රතිමා දහයක් ඩොවොන් පොකුණේ දිය කර හැරේ

හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන ආගමික උත්සවයක් වන චතුර්ති උත්සවය නිමිත්තෙන් ඉන්දියාවෙන් මෙරටට වඩම්මවන ලද ගණ දේව ප්‍රතිමා දහයක් හැටන් කොටගල කොමර්ෂල් පිහිටි ඩොවොන් පොකුණේ දිය කර හැරිමේ ආගමික උත්සවය ඊයේ (08) දින අභිමානවත් ලෙස පවත්වනු ලැබුහ.

ශ්‍රි ලංකා විශ්ව හින්දු පරිෂද් මගින් මෙම ආගමික උත්සවය සංවිධානය කර තිබු අතර, මෙම උත්සවයට ඉන්දියාවෙන් පුජකවරුන් පිරිසක් පැමිණ සිටි අතර, එම උත්සවයට මහ සංඝ රත්නය සහ මෙරට හින්දු පුජකවරුන් රැසක් සහභාගි විය.

හැටන් කොටගල නගරයේ ගණ දේව ප්‍රතිමා දහය පෙරහැරකින් කොටගල කොමර්ෂල් පිහිටි ඩොවොන් පොකුණ දක්වා වඩම්මවා එහිදි හින්දු ආගමික වතාවන් ගණනාවක් පැවැත්විමෙන් අනතුරුව හින්දු පුජකවරුන් විසින් දොඹකරයක් ආධාරයෙන් ගණ දේව ප්‍රතිමාවක් ඩොවොන් පොකුණේ දිය කර හැරිමට කටයුතු කෙරිණ.

මෙම ආගමික උත්සවයට සහභාගි වන අයට ගණ දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන බවත්, මෙවැනි ආගමික උත්සවයක් වතුකරයේ පැවැත්වු ප්‍රථම වතාව මෙය බවයි මෙම උත්සවය සංවිධානය කල විශ්ව හින්දු පරිෂද්යේ පුජකවරයෙකු කියා සිටියේ.

ගණ දේව ප්‍රතිමාවන් ඩොවොන් පොකුණේ දිය කර හැරිමේ ආගමික උත්සවය දැක බලා ගැනිමට සහ ආශිර්වාද ලබා ගැනිමට විශාල පිරිසක් සහභාගි විය.