ගාලු පාරේ කොටසක් ගිලා බසී

ගාලු පාරේ කොටසක් ගිලා බසී

ගාලු පාර, වැල්ලවත්ත, දුම්රියපොළ පාර ප්‍රදේශයෙන් ගිලා බැස්මකට ලක්ව ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් වැල්ලවත්ත ප්‍රදේශයෙන් මාර්ගය එක් මංතීරුවකට පමණක් සීමා කර තිබේ.

ඒ අනුව, ගාල්ලේ සිට කොළඹ බලා ගමන් කරන රියදුරන් ලිලී ඇවනිව් අතුරු මාර්ගයෙන් මුහුදුබඩ මාර්ගයට ඇතුළු වී කොළඹ දෙසට ධාවනය කළ යුතු බව ද වාර්තා වේ.

කොළඹ සිට ගාල්ල දක්වා ගමන් කරන රියදුරන්ට සාමාන්‍ය පරිදි වැල්ලවත්ත හරහා ගමන් කළ හැකිය.