මුහුදුබඩ මාර්ගයේ නඩත්තුවක් – 10 වැනිදා තෙක් දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ නඩත්තුවක් – 10 වැනිදා තෙක් දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වැල්ලවත්ත දුම්රිය ස්ථානය දක්වා වූ කොටසේ එක් දුම්රිය මාර්ගයක ගමනාගමනය සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, අද (09), හෙට (10) සහ අනිද්දා (11) යන තෙදින තුළ මෙලෙස ධාවන කටයුතු සීමා කර ඇති බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර පාලමක නඩත්තු කටයුත්තක් සහ ජල සම්පාදන මණ්ඩලයේ නළ එලීම සඳහා කාණු කැපීම යන කටයුතු හේතුවෙන් මෙම තත්වය ඇති වන බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ද සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.