කළුතර භීතියට පත්කළ දොඩංගොඩ ‘පූස්කොටා’ අත්අඩංගුවට

කළුතර භීතියට පත්කළ දොඩංගොඩ ‘පූස්කොටා’ අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී මන්නා පිහි දෙකක් රැගෙන කොල්ලකෑම් කිහිපයක් සිදුකර පළාගිය දොඩංගොඩ ‘පූස්කොටා’ සහ ගෝලයා අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලීසිය පවසයි.

පැයක පමණ කාලයක් තුළ සැකකරුවන් විසින් පානදුර නගරයේදී සිම්පත් අලෙවි නියෝජිතයෙකුගේ පාදයකට මන්නයකින් පහරදී රුපියල් 150,000කට අධික වටිනාකමකින් යුත් සිම්පත්, ජංගම දුරකථන සහ මුදල් කොල්ලකෑම, බණ්ඩාරගම පෞද්ගලික බැංකුවක ATM කුටිය අසලට කඩාවැදී පුද්ගලයකුට මන්නා පහරවල් 05ක් එල්ලකර රුපියල් 150,000ක් කොල්ලකෑම සහ ගෝනදූව ඉන්ධන පිරවුම්හලේ පොම්පකරුවෙකු බියවැද්දීම සිදුකර සැකකරුවන් පළාගොස් තිබුණි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි දොඩංගොඩ ‘පූස්කොටා’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකු සහ 18 හැවිරිදි ඔහුගේ ගෝලයා බව ද පොලීසිය පවසයි.

Share This