ඉන්ධන මිල වෙනස් වෙයි

ඉන්ධන මිල වෙනස් වෙයි

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල සංශෝධනය කර තිබේ.

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 318කි.

මේ අතර ලංකා භූමිතෙල් මිල ද රුපියල් 50කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 245කි.

එසේම, ලංකා කාර්මික භූමිතෙල් මිල ද රුපියල් 60කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 270කි.

මේ අතර ඔක්ටේන් 95 යූරෝ 4 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇත.

ඒ අනුව ඔක්ටේන් 95 යූරෝ 4 වර්ගයේ ඉන්ධන ලීටරයක නව මිල වන්නේ රුපියල් 385කි.

එසේම ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 වර්ගයේ ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 340කි.

IOC ඉන්ධන මිල ගණන් ද මෙම මිල ගණන් හා සමාගමද සංශෝධනය කෙරෙන බව එම සමාගද නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

සංශෝධනය කළ ඉන්ධන මිල ගණන් පහතින්.

Share This