වැඩි කළ ඉන්ධන කෝටාව තවත් සතියක් ඉදිරියට

වැඩි කළ ඉන්ධන කෝටාව තවත් සතියක් ඉදිරියට

උත්සව සමය වෙනුවෙන් වැඩි කළ ඉන්ධන කෝටාව තවත් සතියකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

ඉන්ධන කෝටාව වැඩි කළ කාලසීමාවේ ඉන්ධන පරිභෝජනය පිළිබඳ දත්ත විශ්ලේෂණය කර තවදුරටත් මෙම කෝටාව ක්‍රියාත්මක කරන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණයක් ගන්නා බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඩී.වී. චානක මහතා සඳහන් කළේය.

පසුගිය සතිය තුළ ඉන්ධන අලෙවි කිරීමේදී ජාතික ඉන්ධන අලෙවිය සහ ඉන්ධන අවසරපත් කිව්.ආර්. කේතය මඟින් ඉන්ධන ලබා දීම සැලකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය වී ඇත.

පෙර සතියේ කිව්.ආර්. කේතය මඟින් ඉන්ධන අලෙවිය අඩු මට්ටමක තිබූ, ඉන්ධන පිරවුම්හල් 66ක් තාවකාලිකව අත්හිටුවීමෙන් පසු 60%කට පමණ තිබූ කිව්.ආර්. කේතය මඟින් ඉන්ධන අලෙවිය 80%කට වඩා ඉහළ වර්ධනයක් ලබා ඇත.

උත්සව සමයේ පවතින ඉන්ධන ඉල්ලුම් අනුව ඉදිරි දින කිහිපය වෙනුවෙන් දෛනික ඉන්ධන බෙදා හැරීම වර්ධනය කර ඇති අතර, ඒ අනුව දෛනිකව පෙට්‍රල් 92 මෙට්‍රික් ටොන් 4650ක් සහ ඔටෝ ඩීසල් දෛනිකව මෙට්‍රක් ටොන් 5500ක් නිකුත් කර බෙදා හරිනු ලබන බව විදුලි හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.

Share This