බෝට්ටුවක් පෙරලී 90කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

බෝට්ටුවක් පෙරලී 90කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

මොසැම්බික් වෙරළට ඔබ්බෙන් වු මුහුදු තීරයේ දී බෝට්ටුවක් පෙරලී යාමෙන් පුද්ගලයින් 90 දෙනෙක් මියගොස් තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ එහි මගීන් 130 දෙනෙකු පමණ සිට ඇති අතර ඉන් පස් දෙනෙකු පමණ මේ වනවිට බේරාගෙන ඇති බව නාම්පුලා පළාතේ නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.

මියගිය අය අතර කුඩා දරුවන් රැසක් ද සිටින බව ද නාම්පුලා රාජ්‍ය ලේකම් Jaime Neto මාධ්‍ය වෙත පවසා ඇත.

මෙම ධීවර යාත්‍රාව නාම්පුලා වෙරළට ඔබ්බෙන් වූ ලුංගා සිට මොසැම්බික් දූපත දක්වා ගමන් කරමින් තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

යාත්‍රාවේ මගී ධාරිතාව වැඩිවීම සහ එම යාත්‍රාව මගීන් ප්‍රවාහනයට නුසුදු තත්ත්වයක පැවතීම මෙම අනතුර සිදුවන්නට හේතු වී ඇති බවයි මොසැම්බික් බලධාරීන් පවසන්නේ.

යාත්‍රාවේ ගමන් ගත් පිරිස කොළරා රෝගය පැතිරීම හේතුවෙන් එම ප්‍රදේශයෙන් පලා යමින් සිටි පිරිසක් බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේ.

Share This