පාපන්දු නිලවරණය සැප්තැම්බර් මාසයේදී

පාපන්දු නිලවරණය සැප්තැම්බර් මාසයේදී

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සම්බන්දව පාර්ශව කිහිපයක් අභියාචනාධිකරණයේදී ගොනු කරණු ලැබූ නඩු දෙකක් සියළු පාර්ශවයන්ගේ මැදිහත්වීමෙන් සමථයකට පත්කෙරිණි.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමා ශ්‍රී ලංකා පාපන්දුවේ සහ රටෙහි යහපත උදෙසා කරුණු සලකා බලා සාධාරණ නිලවරණයක් පැවැත්වීම සඳහා කටයුතු කරගෙන යාමට අනුමැතිය ලබාදෙන ලදි. මේ සමගම මාස 11ක් වැනි කාලයක සිට අර්බුදයකට ලක්වී තිබූ ශ්‍රී ලංකා පාපන්දුව යථා තත්වයට පත්වීමට සහ සියළු පාර්ශවයන්ට බාධාවකින් තොරව නිලවරණයකට ඉදිරිපත් වීමට මෙයින් අවස්ථාව සැලසෙනු ඇත.

එලඹෙන සැප්තැම්බර් 16 දින ශ්‍රීලංකා පාපන්දු නිලවරණය පැවැත්වීමට අනුමැතිය ලැබී තිබෙන අතර එයට අදාල කටයුතු ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය විසින් දැනටමත් සිදු කරමින් පවතී. මෙම නිලවරණයත් සමඟම සැප්තැම්බර් මස අවසානයේදී ජාත්‍යන්තර තහනම ඉවත්වී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ලෝක කුසලාන තරඟාවලි සඳහා සහභාගී වීමට අවකාශය ලැබේ.

Share This