බිරිඳ මරා පුතාගේ සහයෙන් ගෙවත්තේ වල දාලා

බිරිඳ මරා පුතාගේ සහයෙන් ගෙවත්තේ වල දාලා

රිදීමාලියද්ද යකඩහල්පොල ප්‍රදේශයේ 50 හැවිරිදි කාන්තාවකට පහර දී ඝාතනය කර සිරුර ගෙවත්තේ වළ දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ සැමියා සහ වැඩිමහල් පුතා අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලීසිය පවසයි.

මෙසේ මරා වළ දමා ඇත්තේ ඩබ්ලිව්.එම්. සෝමාවතී නමැති 50 හැවිරිදි කාන්තාවකි.

මෙම කාන්තාව 2021 වසරේ සිට අතුරුදන්ව ඇති බවට සැකකරුවන් පොලිසියට පැමිණිලි කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව සැකකරුවන්ගෙන් ප්‍රශ්න ඇය ඝාතනය කර වළ දැමූ බවට තොරතුරු හෙළි වූ බව පොලිසිය පවසයි.

සැකකරු සහ මරණකාරීය අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් සැකකරු මරණකාරියට සිදු කළ පහර දීමෙන් ඇය මියගොස් ඇති අතර පසුව ඔවුන්ගේ වැඩිමහල් පුතාගේ සහායෙන් මළ සිරුර ගෙවත්තේ වළ දමා ඇති බවද පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ සැමියා වන 70 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔවුන්ගේ වැඩිමහල් පුතා වන 26 පොලිසියේ අත්අඩංගුවට ගෙන ඇත.